Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංවර්ධ නිලධාරීන්ට හා රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ ආරංචියක්

2 years ago

රාජ්‍ය සේවයට හෝ ගුරු වෘත්තියට සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක මේ දිනවල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න පවසනවා.

එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් හා ඌන සේවා උපාධිධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවද ඉදිරි සති කිහිපය තුළ විසඳෙනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව සාධාරණ විසඳුමක් ලබාදීමට කඩිනමින් ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.