පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මුදල් භාවිතය අවම කිරීම, මගීන්ට පහසුවක් සැලසීම ආදී කරුණු මූලික කර ගනිමින් මෙම ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.
බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි බව සඳහන්.
ඒ අනුව ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.
ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
