අලුතින් විවාහ වන යුවළ සඳහා නිවාස තනා ගැනීමට සහන සලසමින් ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.
නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන ණය මුදලෙහි ප්‍රමාණය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා සඳහන් කළේ ය.
රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිත අතර රැකියාවක් නොමති පුද්ගලයින්ටද ඒ සඳහා අයැදුම් කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.
ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන ණය මුදල ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
