Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ නංවන ලෙස ඉල්ලීමක්

2 years ago

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් සරත් ශාන්තප්‍රිය  මහතා සඳහන් කළේ 2018 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දී නොමැති බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් පනස්දහසක් ලෙස ඉහළ නැංවීමට අවශ්‍ය නීති සකස් කිරීමද ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතුළත්.

 රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදුකිරීමට විධිමත් වැඩපිළි‍වෙලක් සකස් කරන ලෙසත් රාජ්‍ය සේවක දීමනා වැඩිකරන ලෙස සහ රාජ්‍ය දේපළ විකිණීම නවතන ලෙසත් ඉදිරි අය-වැයේදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ ලිපිය මගින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.