Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාද්දුව පොලීසියේ කොස්තාපල්වරුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

2 years ago

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ අද (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු සිව්දෙනා හෙට (13) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

මෙලෙස මියගොස් තිබුණේ වාද්දුව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක් දරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිද සහ ඥාතීන් චෝදනා කළේ, අත්අඩංගුවේ සිටියදී කළ පහර දීමක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි.

පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය යටතේ විමශර්නයක් ආරම්භ කර තිබේ.

RELATED: වාද්දුව නගරය රත් වෙයි! එක්දරු පියාට සදාරණයක් ඉල්ලා ප්‍රදේශවාසීන් පොලිසිය වටලයි!