Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළැඹෙන සිකුරාදා ගුරු – විදුහල්පති විරෝධතාවයක්

2 years ago

එළැඹෙන 14 වනදා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් එක්ව සංකේතාත්මක විරෝධතාවයක් පවත්වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් පවසනවා.

එදින පස්වරු 2ට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වීමට සූදනම් කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම, උසස්වීම් ගැටලු විසඳීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේතාත්මක විරෝධතාවය සංවිධානය කර තිබේ.