Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කරයි

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.

ඒ ලක්ෂ 3ක හිඟ ජල බිල්පත නොගෙවීම හේතුවෙන්.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බවයි.