Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් ලක්ෂ 10ක තෑග්ගක් දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්

2 years ago

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විමශර්න කායර්යාංශය විසින් මේ වන විට විමශර්න ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සාථර්ක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලීසිය විසින් කටයුතු කරන බවය.

එම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

071 – 8591244   – කොට්ඨාස භාර නිලධාරී, කුරුණෑගල
071 – 8591882   –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක