Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තු ඉටුවන අයවැයක් ?

2 years ago

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදුකළ බවයි.

ඒ අනුව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලම මෙවර අයවැය තුළින් යොදන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි.

ඒ අනුව අද උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.