Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයවැය 2025 – සජීවි විකාශය

2 years ago

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කළා.

* වැට් බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ පොයින්ට් ඕෆ් සේල් යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගැනීම

* ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරවීමට පියවර ගැනීම

* පුද්ගලික ආදායම් බද්ද සඳහා බදු රහිත සීමාව වැඩි කිරීමට පියවර ගැනීම

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කුලී ආදායම් බද්ද මේ වසරේ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීම

* වතු කම්කරු අංශයට පොරොන්දු වු රුපියල් 1700 දෛනික වැටුප ගෙවීමට පියවර ගැනීම

* පෞද්ගලික අංශයේ අවම වැටුප රු 27, 000 දක්වා ඉහළ දැමීම

* 2025 ජනවාරි 1 සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභය නව වැඩි වීමට අනුව ක්‍රියාත්මක කිරිම

* 2025 ජනවාරි 1 සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභය නව වැඩි වීමට අනුව

* රාජ්‍ය සේවයේ වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් ඉහළ දැමීම

* රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40000 දක්වා ඉහළ දැමීම

* රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගැනීම

* රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගැනීම

* ගිරිබාව එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම

* තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනීම

* දූෂණය පිටු දැකීමට නීති රාමුව තව දුරටත් ශක්තිමත් කිරීම

* වෙළෙඳ පොළේ වී සහ සහල් තොග ගබඩා කිරීම නියාමනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත සංශෝදනය කිරීමට පියවර

* ඌන උපයෝගීතා ඉඩම් නැවත සංවර්ධනය කිරීමට පියවර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ

* සමුපාකාර යාන්ත්‍රණය දියුණු කිරීමට විකල්ප නිෂ්පාදන ප්‍රවේශයක් ඇති කිරීමට පියවර මේ සඳහා නීතිමය රාමුව ඇති කිරීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම උදෙසා රුපියල් මිලියන 100ක්

* කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ඒ සඳහා මුල පුරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් 500ක් වෙන් කෙරේ

* සැමට අධ්‍යාපන අවස්ථා – පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලයන 1000කට වඩා වැඩි ප්‍රමාණයක්

* විශ්වවිද්‍යාලවල ගුණාත්මක බව වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 135ක්

* පෙර පාසල් ගුරුවරුන්ගේ මානව සම්පත් ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ සේවය ඇගයීම මෙතෙක් ලබා දුන් දීමනව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1000කින් වැඩි කිරීමට පියවර මේ සඳහා රුපියල් මිලියන 100ක්

* පාසල් අධ්‍යාපනය නව්‍යකරණය යටතේ පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කර යළි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සඳහා රුපියල් මිලියන – 500ක්

* 5 ශේණියේ අඩු ආදායම්ලාභී සිසුන් සඳහා රුපියල් 750 සිට රුපියල් 1500කින් වැඩි කිරීමට පියවර මේ සඳහා රුපියල් මිලියන 1000ක්

* ක්‍රීඩා පාසල්වල සිසුන්ට ලබා දෙන මාසික පෝෂධායී ආහාර දීමනාව රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා වැඩි කෙරේ

* වෘත්තිය අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මාසික දීමනාව රුපියල් 4000සිට රුපියල් 5000 දක්වා වැඩි කෙරේ මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනු ඇත

* මහපොල ශිෂ්‍යාධාර රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල්  6500ක් වැඩි කෙරේ මේ සඳහා රුපියල් මිලියන 4600ක් වෙන් කර ඇත මේ දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දෙනු ඇත

* උසස් පෙළ විභාගයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන සිසුන්ට උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලක උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානටත්, ඔවුන් ලබා ගත් දැණුම හා කුසලතාවයන් රටේ සංවර්ධනයටත් යොදා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ

* පළාත් 5ක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 500ක්

* යාපනය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100ක්. වෙන් කරනු අතර අනෙකුත් ප්‍රදේශවල පුද්තකාල වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ

* ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඊට අදාල පහසුකම් සැපයීම සඳහා නියාමන රාමුවට අදාළ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත සංශෝධනය කිරීමට පියවර

* සුලං බලයෙන් විදුලිය ලබා ගැනීම සඳහා බලශක්ති ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීමට පියවර

* කිරි ගොවිපොළවල් වල ඵලදායිතාවය වැඩි කිරීමට රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීම

* කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තරුණයින් දායකකර ගැනීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීම

* ඌන උපයෝගිතාව සහිත ඉඩම් පුද්ගලික අංශයයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනයට පියවර ගැනීම

* වී සහ සහල් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝදනයට පියවර ගැනීම

* කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම

* 2024 -2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීම

* පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම

* බෝ නොවන රෝග සහ වැළැක්වීම සඳහා අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක 1000කට අධික ප්‍රමාණය සහ ප්‍රාදේශීය රෝහල් වල සේවා සැපයීම වැඩි දියුනු කිරීමට පියවර

* නව සොයාගැනීම් හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රු.මි 1000ක්

* වයස්ගත ජනගහනය ඉලක්ක කරගනිමින් සෑම දිස්ත්‍රික්කයකම සහන සහ වයෝවෘද්ද සහන සත්කාර ආරම්භ කිරීමට පියවර

* වතු ආශ්‍රිත රොහල් සඳහා අවශ්‍ය ඖෂ්‍යධ, උපකරණ සහ මානව සම්පත් රජයෙන් ලබා දීමට පියවර

* ඉදිරි කාලයේදී වසංගත වැලැක්වීම සඳහා ජාතික ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ ඉදිරි වසංගත උවදුරු වැළැක්වීම සඳහා ජාතික ධාරිතාව වැඩි කිරීමට සහ වසංගත රෝග කල් ඇතිව නිරීක්ෂණය කිරීම සඳහා අනතුරු ඇඟවීමේ හැකියාව වැඩි දියුණු කෙරේ

* ගැබිණි කාන්තාවන් සඳහා පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මාසික ආදාරයක් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 7500ක් දැනටමත් වෙන් කර ඇති අතර මව්වරුන්ගේ සහ දරුවන් සඳහා පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්

* කාන්තා හිංසන වැළැක්වීමට, සවිබල ගැන්වීමට සහ කාන්තාවන් සුරැකීමට රුපියල් මිලියන 120ක්

* කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ඇති කාන්තා ජාලය පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 720ක්

* නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් සඳහා රජයෙන් සංවර්ධන බැංකුවක්

* ජපන් රජයේ සහයෙන් කටුනායක ගුවන්තොටු පොළේ දෙවැනි පර්‍යන්තයේ ඉදිරිකිරීම ඇරඹීම

* සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දීම

* විදෙස් ඉපැයිම් සහ ලාභාංශ මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක්.

* තොරතුරු තාක්ෂණ ආදායම ඇ.ඩො.මි. 5ක් දක්වා ඉහළ නැවීම

* මුදල් නෝට්ටු පදනම් වූ ආර්ථීක ක්‍රමයෙන් ඉවත් වීම

* සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක්

* ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීම

* ඉඩම් හිමිකම් සංවර්ධනය සහ ඉඩම්වල වාණිජ භාවය වැඩි කිරීම සඳහා බිම් සවිය වැඩසටහන කඩිනම් කෙරේ.

* දැනටමත් කෙටුම්පත් අධියරවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර

* ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ආයෝජනය, කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාවේ ප්‍රෙයෝජනයට නොගත් විභයන් කළමනාකිරීම සඳහා රජය සෘජු විදෙස් ආයෝජන අපේක්ෂා කරනවා. 

* අපනයන කරුවන්ට තත්ත්ව පරීක්ෂා සහ සහතිකරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යවන තාක්ෂණික සහය සහ මූල්‍ය සහය රජය විසින් ලබා දේ

* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීවය සම්බන්ධයෙන් නව පනතක්

* වේයන්ගොඩ අභ්‍යන්තර බාහාලුම් අංගයනක් ඉදිකිරීමට පියවර

* මාසයක් ඇතුළත කොළඹ වරාය බටහිර සහ උතුරු ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවනවා

* ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කරනවා

* රාජ්‍ය සේවය ඩිජිටල්කිරීමට අවශ්‍ය පියවර සඳහා අවශ්‍ය අනුමැතින් ‘එක් ස්ථානයකින් සියලුසේවා’ යන සංකල්පය ඇති කරනවා.

* ආර්ථික පරිවර්ථන පනත සංශෝධනය කරනවා

* නව රේගු පනතක් සකස් කරනවා

* ජාතික අපනයන සැලැස්මක් සකස් කරනවා

* අමෙරිකානු ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි

* දුෂණය පිටුදැකීම කිලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

* අධ්‍යාපනය සහ සෞඛ්‍ය මෙවර සදහා අය වැය ලේඛනයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කරයි

* නියාමන ආයතන හරහා වෙළදපොළ නියාමනයට වැඩි අවධානයක්

* කමර්මාන්ත, සේවා සහ කෘෂිකමන්ත අංශවල වධර්නය ප්‍රධාන ඉලක්කයක්

* මහජන මුදල් වැය කරන්නේ ආථරික හා සමාජ ප්‍රතිලාභ අරමුණු කරගෙන පමණයි

* සීමිත බදු අරමුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම

* 2025 වසර සඳහා අපි 5% ක ආථරික වධර්නයක් අපේක්ෂා කරයි