Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ දොරටු විවර වෙයි

2 years ago

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් සඳහා අලුතින් රාජ්‍ය සේවකයින් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අය වැයට යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙසේ ද කීය.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා. දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා.

ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා.