Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවන ආකාරය ගැන මහින්ද ජයසිංහගෙන් පැහැදිලි කිරීමක්! පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක වැටුප රුපියල් 95,000 දක්වා ඉහළට!

2 years ago

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මෙම පැහැදිලි කිරීම සිදු කළා.

“පසුගිය කාලේ අපි ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවෙන් විශාල අරගලයක් කළා. ඊයේ දවසේ සිට අපිට විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඒ ගැන අපි කම්පා වෙන්නේ නෑ.

ගුරු සේවයේ අවම වැටුප රු. 31,490යි. ඒ කියන්නේ උසස් පෙළින් පස්සේ අද දවසේ ගුරු සේවයට බැඳෙන ගුරුවරයෙක්ගේ අවම වැටුප රුපියල් 31,490යි. ඔවුන්ගේ වැටුප වැඩි වෙනවා රු. 53,060 දක්වා වසර තුනක් ඇතුළතදී. ඔවුන්ගේ රුපියල් 445යේ පවතින වැටුප් වර්ධකය රු. 800 දක්වා ඉහළ නැංවෙනවා. අප්‍රේල් මාසය වෙද්දී ඔවුන්ගේ වැටුප රු. 31,490 ඉඳලා රු. 39,211ක් දක්වා වැඩි වෙනවා. ඔවුන්ට අප්‍රේල් වෙද්දි රුපියල් 7,721ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා. අවුරුදු පහක් ගියපු කෙනෙකුගේ වැටුප් වැඩිවීම රු.8253යි.

ගුරු සේවයේ 3(i) ශ්‍රේණියේ වර්තමාන වැටුප රු. 34,160යි. ඔවුන්ගේ වැටුප රු.57,860 දක්වා වැඩි වෙනවා. ඔවුන්ගේ වැටුප් වර්ධකය රුපියල් 525 සිට රුපියල් 940 දක්වා 80%කින් වැඩි වෙනවා.

ඒ විතරක් නෙමෙයි අප්‍රේල් වෙද්දි අද ගුරු සේවයට බැඳෙන උපාධිධාරී ගුරුවරයෙක්ට රු.50,020ක මූලික වැටුපක් ලැබෙනවා. ඒකට ජීවන අංකය ලෙස රු.17,800 ක් එකතු වෙනවා. ඒ කියන්නේ අද දවසේ ගුරු සේවයට බැඳෙන උපාධිධාරී ගුරුවරයෙක්ට රු. 67,820ක වැටුපක් ලැබෙනවා.

ඔවුන්ට අප්‍රේල් වෙද්දි රුපියල් 8,360ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා. අවුරුදු පහක් ගියපු කෙනෙකුගේ වැටුප් වැඩිවීම රු.8,982යි.

ගුරු සේවයේ 2(ii) ශ්‍රේණියේ වර්තමාන වැටුප රු. 39,175යි. ඔවුන්ගේ වැටුප රු.66,880 දක්වා වැඩි වෙනවා ඊළඟ වසර 3 ඇතුළතදී.

ඔවුන්ට අප්‍රේල් වෙද්දි රුපියල් 73,350ක වැටුපක් ලැබෙනවා. අවුරුදු පහක් සේවය කරපු 2(ii) ශ්‍රේණියේ ගුරුවරයෙක්ට අප්‍රේල් මාසයේදී රු. 10,559ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා.

ගුරු සේවයේ 2(i) ශ්‍රේණියේ වර්තමාන වැටුප රු. 47,425යි. ඔවුන්ගේ වැටුප රු. 81,780 දක්වා වැඩි වෙනවා ඊළඟ වසර 3 ඇතුළතදී. ඔවුන්ගේ වැටුප් වර්ධකය රුපියල් 1,335 ඉඳලා රුපියල් 2,400 දක්වා වැඩි වෙනවා. ඔහුට අප්‍රේල් මාසය වෙද්දි මූලික වැටුප ලෙස රු.66,481ක වැටුපක් ලැබෙනවා.”

අමාත්‍යවරයා සිය කතාව තුළදී ගුරුසේවයේ අනෙකුත් ශ්‍රේණි සහ විදුහල්පති සේවයේ වැටුප් වැඩිවන ආකාරය පිළිබඳවද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එම සම්පූර්ණ කතාව පහතින්.