Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙඩි තැබීමකින් පියාට සහ පුංචි දියණියට දිවි අහිමි වෙයි

2 years ago

මිද්දෙණිය – කඩේවත්ත මන්සන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පියා සහ හය හැවිරිදි දියණිය මියගොස් පුත්‍රයා තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි.

එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන් කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. 

යතුරුපැදියේ ගමන්කළ මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හය හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගිය ඇත්තේ අවුරුදු 39 ක් වයසැති ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය පවසනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.