Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක 20ක උෂ්ණත්වය අවදානම් මට්ටමට

2 years ago

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙටත් (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් වැඩබිම් තුළ රැඳී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වාහන තුළ කුඩා ළමයින් තනිවම රඳවා නොයන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.