ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළායෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඊයේ උදෑසන ඝාතනයට ලක්වුණි.
පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ප්‍රධාන සැකකරුව ද ඊයේ (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිඳු තජර්නයක් හෝ බාධාවක් එල්ල වී නොමැති බවත්, මෙම ක්‍රියා සංවිධානාත්මක අපරාධ කල්ලි අතර බොහෝ කලක පටන් සිදුවන ක්‍රියා බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ නමුත් ඝාතන සිදුවූ වහාම වෙන වෙනම විමශර්න සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
