Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියා විරහිත ඔබට සුබ පණිවුඩයක්! රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සඳහා කැබිනට් ආනුමැතිය! 

2 years ago

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිදේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11 ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05 ක පවතින පුරප්පාඩු 4,987 ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.