Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය හා කළමනාකරු අත්අඩංගුවට

2 years ago

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදලව වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 23ක් වන එම කාන්තාව මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාවද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

එමෙන්ම මෙහිදී සිද්ධියට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ඇයට රටින් පිටවීම සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක් ද සිටින බව සඳහන්.

ඔහු මහරගම, දඹහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටින පුද්ගලයා බවද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මහරගම පොලිසියෙන් සඳහන් කර සිටියේ අද‍ාල කාන්තාව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි.