Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට තුළ පාතාල කල්ලි 58ක්! වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ හෙළිදරව්වක්!

2 years ago

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

එම සිද්ධීන් අතරින් සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවද ඔහු පැවසීය.

ඒ අනුව එම සිද්ධීන් සඳහා සහාය දැක් වූ නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවත්තවෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.