Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පාසල්වල ගුරුවරුන්ගේ, සිසුන්ගේ හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක්

2 years ago

රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක පසුගිය බ්‍රහස්පතින්දා(20) දිනයේදී ආරම්භ කෙරිණි.

“අපේ ඉස්කෝලේ  Clean කරමු  – රට හදන පරපුරක – වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු, පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම ආදි සිසුන්ගේද සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබා දීම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලබයි. 

ඒ අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල  අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මාර්තු මාසය අවසන් වන විට මෙමගින් පාසල් දහසම ආවරණය කිරීමට ද නියමිතය.

වැඩසටහනේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.