Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට බුද්ධි තොරතුරු ලැබුණා – වැඩබලන පොලිස්පති

2 years ago

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර බුද්ධි තොරතුරු ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේමුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් තමාට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ගනේමුල්ල සංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්කි විමසීම සිදු කරන ලෙස දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.