මාස 4ක සිර දඬුවමක් නියම වී සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබේ.
ඒ රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළව අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.
ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
