Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංචාරක කර්මාන්තයේ නව පුනරුදයක් ඇති කරමින් වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් යළි ධාවනයට එක්වෙයි

2 years ago

වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් දුම්රිය ඊයේ (22) යළි ධාවනයට එක්විය.

ඊයේ පෙරවරු 07.00ට විදෙස් සංචාරකයින් කණ්ඩායමක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටවූ අතර දින 14ක් පුරා දිවයින වටා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

සංචාරක දුම්රියක් ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රියේ විශේෂත්වය ගල් අඟුරුවලින් ධාවනය වන වාෂ්ප එන්ජිමක් සහිත වීමයි.

නැගී එන සංචාරක කර්මාන්තයට මෙය ඉතා විශාල පිටුවහලක් බවයි එම දුම්රියේ සේවය කරන ප්‍රධාන නියාමක සිසිර රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මෙම දුම්රිය විශේෂයෙන් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දුම්රියකි.