Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසරේ සිට ඇරඹෙයි! ගුරු පුහුණුවත් නවීකරණය වෙයි!

2 years ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

එම ප්‍රතිසංස්කරණ ප්‍රධාන වශයෙන් පළමු ශ්‍රේණිය සහ 6 වන ශ්‍රේණි සඳහා සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ.

එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවයි ඇය පවසන්නේ.

වර්තමානයේදී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශතවර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.

සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්, දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහිදී කියා සිටියා.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපන තුළ රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

පොහොසත් රටක්,  ලස්සන ජීවිතයක් මැයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කාන්තා සුහද හමුවේදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළා.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කාන්තා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.