Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

2 years ago

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ 36 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙක්.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත.