Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය මෙන්න

2 years ago

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.

ඒ අනුව, ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහායි.

මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) ප්‍රකාශ කළේ තමන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ, මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවයි.

හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය මගින් තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන දීමනාව වැඩිවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා,

“පළවෙනි ලෝඩ් 15ට 6.96ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62යි. දැන් එයාලා කියන්නේ ලෝඩ් 25ක් විතර කරන අයලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් විතරලු. එකෙන් වැටුප් ගෙව්වට පස්සේ දැනුත් ජීවත්වෙන්න බෑ කියලා.”