Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන 15 වැනිදා රටේම ජනතාවට වැඩක් පවරයි! වත්තට එන සත්තු ගණන් කරන්න විනාඩි 5ක් වෙන් කරයි!

2 years ago

ලබන 15වනදා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

එහිදි සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු 05ක කාල සීමාවක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“අපි කාලයක් දෙනවා, විනාඩි 5ක ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලුම නිලධාරීන් මේකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒගෝල්ලො හරහා අපි ජනතාව දැනුවත් කරනවා, විනාඩි 5ක් ඇතුළත තමන්ගේ වත්තේ ගොවිපළේ රිළව් කීයක් හිටියද? දඬු ලේන්නු කීයක් හිටියද? මොණරු කීයක් හිටියද වෙනත් සත්තු කීයක් හිටියාද කියලා ගණන් හදන්න ඕන.

ඊට පස්සේ අයිතිකාරයෙක් නැති ඉඩමක් තියෙනවා නම් නිලධාරීන් හරහා ඒකට අල්ලපු වත්තේ කෙනෙක් හරි යොදවලා ඒ වත්තෙත් ඒ සමීක්ෂණය කරන්න ඕනේ.

විනාඩි 5ක් දෙන්නේ සත්තු ඒ විනාඩි 5 ඇතුළත් වෙනත් වතුවලට පනින්න පුළුවන්. මෙහෙම සංගණනයක් කරනවා, එතකොට අපට අදහසක් හදාගන්න පුළුවන් ඒ ඒ ප්‍රදේශවල ඉන්න සතුන් ගණන”