මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට දින නියම කර තිබෙනවා.
ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 28 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී එම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහනාහිමිවරුන්ට පසුගියදා ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙවර අප්‍රේල් මස දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16කට පසුවය.
