Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමතිට දුන් කාලය අවසන්! සෞඛ්‍ය වෘත්තීය සමිති වෙතින් රතු එළි!

2 years ago

රට පුරා සියලු ම රෝහල්වල එළබෙන බ්‍රහස්පතින්දා (06) දින උදෑසන 08 සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති නායකයින් පවසනවා.

සෞඛ්‍ය අංශ සමග අද (03) සාකච්ඡා සිදුකරන බවත් සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සමිති සංවිධාන 20ක නියෝජිතයින් පවසා සිටිනවා.

සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ දීමනා කප්පාදුව නිවැරැදි කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලබාදුන් කාලය අදින් අවසන් බවයි සෞඛ්‍ය සමිති සංවිධාන නියෝජිතයින් පවසන්නේ

නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හි ක්‍රියාත්මක නොවන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය පවසනවා.

නලින්ද ජයතිස්ස මහතා විසින් හෙදියකගේ වැටුප පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා පවසා සිටියා.

ඔහු පැවසුවේ හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පළමු වැටුප් තල දහයට ගෙන ඒමේදී, පළමු වැටුප් තල දහය අතර රැඳී සිටි සෞඛ්‍ය වෘත්තීයවේදීන් පහළට ඇද දමා ඇති බවයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාළව ක්‍රියාත්මක බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අයවැයෙන් කිසිදු උත්සාහයක් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඉලක්ක කරගනිමින් නිවැරැදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාව එසේම තිබියදී, ඔවුනට ලබාදී ඇති දීමනා කප්පාදු කිරීම බරපතළ බව ද රවි කුමුදේශ් මහතා පවසනවා.

එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහ ජනතාව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසිගැන්වීමට උත්සාහ කරන බව සඳහන් කළා.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැනුම් දෙන බව ද රවි කුමුදේශ් මහතා පවසනවා.