Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5,500කට අලුතින් රජයේ රැකියා! බඳවාගන්නා ක්ෂ්‍රේත්‍ර පිළිබඳව දැනුම්දීමක්!

2 years ago

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා ඉදිරියේදී බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාලරීමේන්තුවේදී පවසා සිටි‍යා.

ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 දෙනෙකුට මෙම මස මැද වන විට පත්වීම් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238 දෙනෙකුට, ඖෂධවේදීන් 65 දෙනෙකුට, වෘත්තීය චිකිත්සකවරුන් 43 දෙනෙකුට සහ විකිරිණ ශිල්පීන් 41 දෙනෙකුට මාතර් මැද වන විට පත්වීම් ලබා දෙන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට අප්‍රේල් මස පත්වීම් ලබා දෙන බවයි හෙතෙම පැවසුවේ.

මැයි මාසය වනවිට උපස්ථායකයින් 1,000ක් බඳවා ගැනීමට අවසර ලැබී තිබෙන බව ද ඔහු සඳහන් කළා.