හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ මාතර මොරවක පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගෙන් අදාළ නිවස පරීක්ෂා කිරීමට අවසර ලබා ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂා කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් සිදු කරමින් සාගල රත්නායක මහතා ඒ බව පවසා තිබුණා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව කළ ඉල්ලීමකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(11) විවෘත වරෙන්තුවක්ද නිකුත් කළා.
ඒ, 2023 වසරේ වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් කොළඹ අපරාධ කොට්ඨාසයෙය් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි මස 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.
