Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරුන් පෞද්ගලික ප්‍රතිකාරත් නවතා දැමීමට තීරණය කරයි

2 years ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුන ද සංකේත වැඩ වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිළධාඊන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කිසිඳු වෛද්‍යවරයෙකු හෙට උදෑසන 08 වෙනතුරු පෞද්ගලික ප්‍රතිකාර ද ලබා නොදෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩවජර්නය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල ඇතුලු රෝහල් රැසකම බාහිර රෝගී අංශය ඇතුලු රෝහල් කටයුතු අඩපණ වී තිබෙනවා.

ඒ අනුව එම රෝහල් වල අද සිදුවන්නේ හදිසි අනතුරු සහ හදිසි සේවා පමණයි.