Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2 years ago

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.

එමෙන්ම මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමටද තීරණය කර තිබේ. 

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත 

බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබදව යළි කරළියට පැමිණියේ, හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අල් ජසීරා නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රශ්න කිරීමත් සමගයි.

1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර, එවක විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.