ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වගයේ ගිනි අවියක් සමග අද (14) අත්අඩංගුවට තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට අමතරව මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාතථා වෙන්නේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අතරතුර දී එම ගිනි අවිය සොරාගෙන විත් සැකකාර රැප් ගීත ගායකයාට ලබා දී ඇති බවත්; පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් සිටිය දී මන්නාරම කොට්ඨශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේ දී අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකාර ගායකයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
