අද (17) අලුයම මිදිගම, පාතේගම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
නිවසේ ඉදිරිපස බිත්තියට හා එක් ජනේලයකට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
