Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට රංගන ශිල්පිනි අකුෂ්ලා දිවි සැරිය නිම කරයි

2 years ago

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා  සිනමාවට පිවිසෙන ඇය පසුව   “Rampage” (1978) / “Tarzan the Ape Man” (Hollywood) (1981), “තවලම” (1981), “බාඳුරා මල්” (1981), “රෑ මනමාලි” (1982), “හිතත් හොඳයි වැඩත් හොඳයි” (1983), වැනි සිංහල චිත්‍රපට රැසකට  රංගනයෙන් ද දායක වූවාය. 

එමෙන්ම 1985 වසරේදී “චාර්ල්ස් ඒන්ජල්ස්” චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ “සුර දූතියෝ” චිත්‍රපටයේ රංගනයෙන් දාකයක වූ අතර එය ඇගේ රංගන දිවියේ උච්චතම අවස්ථාව බවටද හැඳින්විය හැකිය.

එමෙන්ම තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වූවාය.

මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූවාය.