පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබේ.
නිලධාරීන් පැවසුවේ නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
එම අවස්ථාවේදී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
