රාජ්‍ය ඔසුසැල් හරහා ඖෂධ මිලදී ගන්නා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශේෂ වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඖෂධ මිලදී ගන්නා විට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 3ක වට්ටමක්ද මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 5ක වට්ටමක්ද ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදීයි.
