ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ වට්සැප් මගින් හුවමාරු වන ව්‍යාජ දැනුම්දීමක් සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන බවත් ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බවයි මේ සම්බන්ධයෙන් දළදා මාලිගාව මහජනතාව වෙත අවධාරණය කර ඇත්තේ.

