Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලීසියේ ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි

2 years ago

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත මහතා අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබෙනවා.

මීට අමතරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට රාජකාරී ඉටුකිරීම සඳහා නව පත්කිරීම් සිදුකර තිබෙනවා.