සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළ සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් “කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500 ක සහන මිලකට ලබා දීමටයි සැලසුම් කර තිබේ.
ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතයි.
මෙම අත්‍යවශ්‍ය ආහාර පැකේජයන් 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට සැකසුම් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාගර් අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවධර්න අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවක් සඳහා මෙම අවසරය හිමිව තිබෙනවා.
