Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශවේන්ද්‍ර ඇතුළු 4කට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම්දෙයි

2 years ago

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හතර දෙනෙකුට එක්සත් රාජධානිය විසින් පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය, අද(26) පස්වරුවේ විදේශ අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (24) නිවේදනය කළා.

ඒ අනුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට මෙලෙස සම්බාධක පැනවෙනවා.