Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිහින්තලය නාහිමිගෙන් දැඩි තීරණයක්! රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වන බව කියයි!

2 years ago

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මිහින්තලා පුදබිමේ විහාරාධිපතිවරයෙකු නොමැති අයුරින් බවයි.