Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

2 years ago

පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළු වී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කරගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවන්හි ඔස්සේ සංසරණය විය.

මෙම සිදුවීම නෙල්ලිඅඩි පොලිස් වසමේ සිදු වූ සිදුවීමක් වන අතර, ඒ සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වාර්තාවක් යොමු කර තිබුණා.

ඒ අනුව, පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහි සඳහන් පරිදි 2025.03.24 වන දින නෙල්ලිඅඩි පොලිස් වසමේ වෙම්බඩි ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් කුඩා එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබූ බවය.

එම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ කාමරයක් තුළට දිව ගොස් කාමරයේ දොර වසා දොර අඟුල් දමා ගෙන ඇත.

සැකකරු කාමරය තුළ රැඳීසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කාමරයේ අඟුල් දමා තිබූ දොර විවෘත කිරීමට නිලධාරියෙකු විසින් දොරට පා පහරවල් කිහිපයක් එල්ල කර දොර විවෘත කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,