ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දැනට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය 37 වන පොලිස්පතිවරයා ලෙසට දිවුරුම් දෙනු ඇත.
දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරයෙහි කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව අත්හිටුවීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ලබන අප්‍රේල් 8 හෝ 9 දිනවල එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බව රජය දැනටමත් සඳහන් කර තිබේ.
එම යෝජනාව සම්මත වූ පසු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙන ඇත.
