2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් සේවයේ යෙදීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර මැතිවරණයේදී දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් පමණ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙවර ඡන්ද ගණන් කිරීම සිදුවන්නේද ඡන්ද මධ්‍යස්ථාන තුළදී වන් අතර, එහෙත් කුඩා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි එක් මධ්‍යස්ථානයක් වෙත රැගෙනවිත් ගණන් කිරීමට නියමිතවයි.
ඒ පිළිබද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැයි මස 06 වනදා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
