අපරාධ විසඳීම සඳහා මෙන්ම සිය ජීවිතයේදී, රාජකාරියේදී සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවයන් දැක්වූ පොලිස් නිලධාරීන්ට ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේදී පවත්වා තිබේ.
එහිදී සංකේතාත්මකව රුපියල් මිලියන 24 කට අධික ත්‍යාග මුදලක් හා පොලිස්පති ප්‍රශංසා 25 ක් ත්‍යාගලාභීන් 140 දෙනෙකු සඳහා සංකේතාත්මකව වැඩබලන පොලිස්පතිතුමා විසින් පිරිනමන ලදී.
ඒ අනුව පොලිස් කොට්ඨාස මට්ටමින්ද ත්‍යාග ප්‍රධානයන් සිදුකර මෙම ත්‍යාග ප්‍රධාන වාරය තුල රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13 දෙනෙකු,
පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100 දෙනෙකු,
කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05දෙනෙකු, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් දෙනෙකු සහ කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38 දෙනෙකු, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08 දෙනෙකු මෙන්ම යුද හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 113දෙනෙකු,
සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු වශයෙන් 515 දෙනෙකු සඳහා පොලිස්පති ප්‍රශංසා ඇතුළුව පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරනැමීමට අවශ්‍ය කටයුතුකර ඇත.
