Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත් අවුරුදු සහන මල්ල අද සිට සතොසෙන් මිලට ගැනීමට අවස්ථාව

2 years ago

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (01) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අද (01) සිට ලබන (13) වැනිදා දක්වා රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

මෙම බඩු මල්ල ලංකා සතොස මගින් මිලට ගත හැකි අතර ලංකා සතොස මගින් ආවරණය නොවන ප්‍රදේශයන්හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් මගින් පැකේජය නිකුත් කෙරේ.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,573 ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනු ඇත.