මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටුමකදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ රාජසිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු උග්ගල්බොඩ, උණපඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
