මියන්මාරයේ සිදුවූ භූ කම්නයෙන් පසු එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවද එක්වීමට තීරණය කර තිබෙනවා. ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ විපතට ලක්වූ ජනතාවට සහන සැලසීමට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සුදානම් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මියන්මාර තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් එම තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් ලද වහාම ඔවුන් පිටත් කර යැවීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
