ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන ඊයේ (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්රවධර්න මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාත්මක කෙරුණා.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
ඒ ජාතික ආහාර ප්රවධර්න මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකමර් අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින්.
මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව උදාවෙනවා.
මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතයි.
ඇසුරුම් කළ දේශීය ආහාර වගර් මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වගර්ද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කළ බව කෘෂිකමර්, පශු සම්පත්, ඉඩම් හා වාරිමාගර් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
